FAST NEWS

24×7 Around the Globe

කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ටෙන්ඩර් කැඳවීමට සැරසෙයි.

කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා ටෙන්ඩර් කැඳවීම ලබන සතියේ ආරම්භ කරන බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

මහා මාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ, විනිවිද භාවයකින් යුතුව එම කටයුතු සිදු කරන බව ය.

කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය කොළඹ සිට කුරුණෑගල හා කුරුණෑගල සිට මහනුවර ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය.

අමාත්‍යවරයා පැවසුවේ, එය කොටස් 10ක් ලෙස ඉදිකිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ය.