FAST NEWS

24×7 Around the Globe

ආහාර විෂවීම නිසා පාසල් සිසුහු 20ක් රෝහල් ගත කරති.

ආහාර විෂවීමකින් රෝගී වූ පාසල් සිසු සිසුවියන් 20 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

අද පෙරවරුවේ එම පාසලෙන් ලබාදුන් ආහාරයක් විෂ වී මෙම පිරිස රෝහල් ගත කර ඇත.

මිනුවන්ගොඩ, බලබෝව කණිෂ්ඨ විද්‍යාලයේ වයස අවුරුදු 8 – 9 පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.