ශ්‍රි ලාංකික වෛද්‍යවරුන් පිරිසක් මෙරට තුළ පවත්වාගෙන ගිය වකුගඩු ජාවාරම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පංච පුද්ගල සිය කමිටු වාර්තාව අද(05) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට භාරදීමට නියමිතව තිබේ.
අදාළ කමිටුව විසින් පසුගිය 23 වනදා සිට මෙරට පෞද්ගලික රෝහල් ඇතුළු ආයතන කිහිපයක් පිළිබඳ විමර්ශන සිදු කර ඇති බව වාර්තා වෙයි.
දින 03 ක් තුල අදාළ වාර්තාව ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මුලින් දැනුම් දී තිබුණ ද විමර්ශන ක්ෂේත්‍රය පුළුල්වීම හේතුවෙන් අවසන් වාර්තාව ප්‍රමාද වී තිබේ.








