ආගමන විගමන නිතී උල්ලංඝනය කළැයි අත්අඩංගුවට ගෙන සිටින පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් ගුණරත්නම් පෙබරවාරි 15 වැනි දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද ( 05) නියෝග කළේය.
පසුගිය නොවැම්බර් මස 04 වන දින කෑගල්ල අගුරුවැල්ලේ තම මව බැලිමට ආ අවස්ථාවේදි කෑගල්ල පොලිසීය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මිට පෙර 5 වතාවක්ම බන්ධනාගාර ගතවු ඔහු මෙවර දින 98 ක් එක දිගටම බන්ධනාගාරගතව සිටියි.







