උතුරු මැද වකුගඩු රොගීන් සඳහා ජල පෙරණ 12500 ක් ගැනීමට රුපියල් කෝටි දහතුන හමාරක් වැය කිරීමෙන් මුදල් නාස්ති කළැයි උතුරු මැද පළාත් ඇමතිවරු තිදෙනෙක් හා නිළධරයෝ 14 දෙනෙක් අද බරපතල වංචා දූෂණ විමර්ෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටිති.
උතුරුමැද වාරි මාර්ග ඇමති එච්. බී. සේමසිංහ, සෞඛ්‍ය ඇමති කේ. ඩබ්. නන්දසේන හා කෘෂිකර්ම ඇමති ආර්. එම්. පී. බී. රත්නායක ඔවූහුය.







