FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී දිවයිනට.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (05) ශ්‍රී ලංකාවට පැමීණීමට නියමීතය.

කොළඹ දී අද ආරම්භ වන ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිෂමේ 09 වන සැසිවාරයට සහභාගීවීමට ඒ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එම කොමිෂමේ සම සභාපතිවරුන් වශයෙන් ඉන්දීය විදේශ ඇමැතිනිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.