ඇවන්ගාඩ් අවි ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමට ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශයේ පාලන හා මූල්‍ය අතිරේක ලේකම්වරිය වන දමයන්ති ජයරත්න මහත්මිය අවසර නොගෙන රටින් පිටවී යෑම පිළිබඳව එම අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද යන්න ගැන මෙතෙක් ජනාධිපති කොමිසමට දැනුම් දී නොමැති බව වාර්තා වෙයි.
ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා සඳහන් කර සිටිනනේ එම අතිරේක ලේකම්වරිය අමාත්‍යාංශයට නොදන්වා රටින් බැහැරවීම පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් ගැන ජනාධිපති කොමිසමට දන්වන ලෙස දැනට සතියකට පෙර අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා ඇතත් මෙතෙක් එයට පිළිතුරු ලැබී නැති බවයි.







