FAST NEWS

24×7 Around the Globe

නිදහස් උළෙල වෙනුවෙන් හෙට කොළඹ රථ වාහන සැලැස්ම.

68 වන ජාතික නිදහස් උළෙල වෙනුවෙන් හෙට(04) දින පහත මාර්ගවල පහත පරිදි රථවාහන ගමනාගමනය සීමා කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

එකී නිවේදනය පහත පරිදිය.

පෙරවරු 05.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

01. ගාලූ පාර,ගාලූ මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම

02. චෛත්‍ය පාර

පෙරවරු 07.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

03. කොල්ලූපිටිය හංදියෙන් ගාලූ මුවදොර වටරවුම දෙසට ( පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබාදේ)

04. කොල්ලූපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලූ පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබාදේ )

05. රොටුන්ඩා වටරවුමෙන් ගාලූ පාර දෙසට (පදිංචිකරුවන්ට පමණක් ඉඩ ලබාදේ)

06. සෙරමික් හංදිය (ලෝටස් පාර ) පරණ පාර්ලිමේන්තුව දෙසට ( කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)

07. යොර්ක් වීදියෙන් බැංකු මාවත දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)

08. සී නෝර් හංදියෙන් ( කොටුව දුම්රියපළ ඉදිරිපිටින්) කොටුව C.T.O හංදිය දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ )

09. Y.M.B.A හංදියෙන් ලේඩි බැස්ටියන් මාවත සහ බාරොන් ජයතිලක මාවත දෙසට ( කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)

* පෙරවරු 08.00 සිට මධ්‍යහ්න 1200 දක්වා

10. ගාමිණි වටරවුමෙන් ඩි.ආර් විජේවර්ධන මාවත දෙසට

11. කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුමෙන් රීගල් හංදිය දෙසට (කාර්යාල වාහන සදහා පමණක් ඉඩ ලබාදේ)

*පෙරවරු 06.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

12. ජස්ටික් අක්බාර් මාවත යුද හමුදා මූලස්ථානයේ සිට ගෝල්ෆේස් වටරවුම දක්වා (ටාජ් සමුද්‍රා,ගෝල්ෆේස්,රාමඩා ඇතුළු හෝටල් වලට යන පුද්ගලයන්ට ඇතුළු විය හැක.)

*2016-02-04 වන දින ගාලූ පාර,ගෝල්ෆේස් හරහා කොළඹ දෙසට ගමන් කරන බස් රථ සහ සැහැල්ලූ වාහන ගමන් කළ යුතු මාර්ග

* පෙරවරු 06.00 සිට පෙරවරු 07.30 දක්වා

* ගාලූපාර- කොල්ලූපිටිය හංදිය- ලිබර්ටි හංදිය- පිත්තල හංදිය-රීගල් හංදිය හා සෙරමික් හංදිය

* පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

* ගාලූපාර-කොල්ලූපිටිය හංදිය- ලිබර්ටි හංදිය- පිත්තල හංදිය-සොයිසා වටරවුම-ඞීන්ස් පාර- ටෙක්නිකල් හංදිය

*පෙරවරු 07.30 සිට පෙරවරු 09.00 දක්වා

*ගාලූපාර ඔස්සේ බගතලේ පාර- ආර්.ඒ ද මෙල් මාවත- බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල වටරවුම- තර්ස්ටන් පාර-ජේ ඕ සී හංදිය-ග්ලාස් හවුස් හංදිය-නන්දා මෝටර්ස්- නෙළුම් පොකුණ වටරවුම- සොයිසා වටරවුම-ඞීන්ස් පාර- ටෙක්නිකල් හංදිය

*පෙරවරු 06.30 සිට පෙරවරු 07.30 දක්වා

*කොළඹින් පිටවි ගාලූ පාරට ගමන් කිරිම= පිටකොටුව- සෙරමික් හංදිය-පිත්තල හංදිය- පුස්තකාල- ලිබර්ටි- ආර්.ඒද මෙල් මාවත

*පෙරවරු 07.30 සිට මධ්‍යහ්න 12.30 දක්වා

* ඕල්කට් මාවත- ටෙක්නිකල් හංදිය- මරදාන පාලම හංදිය- ටි.බි ජයාමාවත-ඉබ්බන්වල හංදිය-යුනියන් පෙදෙස-ලිප්ටන් වටරවුම-ධර්මපාල මාවත- එෆ්.ආර් සේනානායක මාවත- කන්නංගර මාවත- නන්දා මෝටර්ස් හංදිය- නිදහස් වටරවුම- රීඞ් මාවත- තුම්මුල්ල වටරවුම- බෞද්ධාලෝක මාවත- ආර්.ඒ.ද මෙල් මාවත- ගාලූ පාර (කාර්යාල වාහන වලට ගමන් කිරිමට ඉඩ ලබා දේ)

* කොටුව ප‍්‍රදේශය

*ගාලූ පාර ඔස්සේ කොළඹ නගරයට ඇතුළු වීමට පැමිණෙන වාහන ඩබ්ලිව්.ඒ සිල්වා මාවත ඔස්සේ ඇතුළු වී පරණ හැව්ලොක් පාර- මස් කඩය හංදියෙන් වමට හරවා මායා වටරවුම- හැව්ලොක් පාර-තිඹිරිගස්යාය හංදියෙන්- තිඹිරිගස්යාය පාර-බේස්ලයින් පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.

*කොළඹ නගරයේ සිට ගාලූ පාර ඔස්සේ කොළඹින් පිටවන බර වාහන ඉහත සඳහන් මාර්ගයේම ගමන් කර ගාලූ පාර ඔස්සේ කොළඹින් පිටවිය හැකිය.