හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා පැමිණෙන්නන් සීමා කිරීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පියවර ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෙම සීමාව අදාළ නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
පසුගිය දින කිහිපයේ සැලකිය යුතු පිරිසක් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණිහ.
කෙසේවෙතත් නව සීමා කිරීම් යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා දිනකට මුණ ගැසීමට අවසර ලබාදෙන්නේ තිදෙනෙකුට පමණි.
ඊයේ (02) දිනයේද ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් ඇතුළු සැලකිය යුතු පිරිසක් යෝෂිත රාජපක්‍ෂ මහතා මුණගැසීම සදහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණි අතර එහෙත් ඔවුන් ආපසු හරවා යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.








