FAST NEWS

24×7 Around the Globe

68 වන නිදහස් දින සමරු උළෙලට හිටපු ජනපති නෑ.

හෙට පැවැත්වෙන 68 වන නිදහස් දින සමරු උළෙලට සහභාගි වන ලෙස තමන්ට මෙතෙක්  ආරාධනාවක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (02)  මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ ආරාධනාවක් ලැබුණ ද ඊට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය ලෙස පොදු තීරණයකට පැමිණ ඇති බවය.