FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සිද්ධියෙන් පීඩාවන් පත්වුවන් වෙනුවෙන් මුලික අයිතිවාසියකම් පෙත්සම් 04ක්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පසුගියදා සාදයක් අතරතුරදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ තම සැමියා කෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ නීති අංශයේ නීතිඥ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත්,එසේම සාදය පැවති නිවසට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිපතිවරයා ඇතුළු බී.ඩබ්.සී ධර්මරත්න(සහකාර පොලිස් අධිකාරී),එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස්(මූලස්ථාන පොලිස් පරීක්ෂක),රාජපක්ෂ(පො.ප),ජිනදාස(පො.සැ),ශාන්ත(පො.කො),සාරංග(පො.කො),ජයලත්(පො.කො),බන්දුසේන(පො.කො)යන අය නම්කර තිබේ.