FAST NEWS

24×7 Around the Globe

ගාලුපාරේ දැඩි රථ වාහන තදබදයක්.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් උළෙලේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට අධික රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

68 වන ජාතික නිදහස් උළෙල නිමිත්තෙන් හෙට සහ අනිද්දා දිනවල කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර ඇත.

හෙට සහ අනිද්දා පෙරවරු 5හේ සිට මධ්‍යහ්න 12 දක්වා ගාලුමුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා ද චෛත්‍ය මාර්ගයේ ද වාහන ගමනාගමනය සීමා කිරීම සිදුකරන බව පොලීසිය සඳහන් කරයි