FAST NEWS

24×7 Around the Globe

මම දේශපාලනයට ඇවිත් ආපහු අතරමග බ්‍රේක් ගහන කෙනෙක් නොවයි – මහින්ද

තමාව නැවතත් දේශපාලනයට කැඳෙව්වේ මන්ත්‍රීවරුන් බවත් යළි දේශපාලනයට පැමිණි තමාට බ්‍රේක් නොමැති බවත් හිටපු ජනනපති මහින්ද රාපක්ෂ මහතා සඳහන් කළේය.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (31දා) පේරදෙනියේදී පැවැති මහනුවර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ සුහද හමුවකදීය.

“මම බොහොම සංතෝසෙන් ගමට ගියෙ සැනසිල්ලෙ ඉන්න. මාස තුනක් යනකම් බැලුව මට හැමදාම ගහනව දෝෂාරෝපණය කරනවා.  ඉන් පස්සෙ මන්ත්‍රීවරු මාව දේශපාලනයට ඇදල ගත්තා. මම දැන් දේශපාලනයට ආවා. මම දේශපාලනයට ඇවිත් ආපහු අතරමග බ්‍රේක් ගහන කෙනෙක් නොවයි.

අපේ එක්කෙනාට (යෝෂිත) ප්‍රශ්නයක් නෑ. මම ඇහුව යෝෂිත මොකද ඔයාට කියල. නෑ ප්‍රශ්නයක් නෑ. ත්‍රිකුණාමලේ කැම්ප් එකට වඩා හොඳයි කිවුවා. යුද්ධය නැති කළ එක අපරාධයක් නම්, සංවර්ධනය කරපු එක අපරාධයක් නම්, මට දඬුවම් කරන්න. දරුවන්ට දඬුවම් කරන්න එපා. මගෙ විතරක් නෙමේ කිසිම දරුවෙකුට වරදක් නොමැතිව දඬුවම් කරන්නෙ එපා.” යැයි සඳහන් කළේය.