ප්‍රංශයට නුදුරින් මුහුදු තීරයේදී පැනමාවට අයත් මොඩර්න් එක්ස්ප්‍රස් නම් භාන්ඩ ප්‍රවාහන නෞකාව පැත්තකට ඇලවී ගිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
නෞකාවේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් පසුගිය අඟහරුවාදා සිට නැව ඇලවෙන්නට පටන් ගත් බව එහි බලධාරීන් ප්‍රකාශ කර ඇත. නැවේ සිටි කාර්යමණ්ඩලයේ 22දෙනකු ගුවන් මගින් බේරා ගෙන ඇත.
නැව කෙළින් කිරීමට මෙතෙක් ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ඇතත් තව දුරටත් එ් සඳහා උත්සා දරන බව ප්‍රංශ බළධාරීන් පවසයි.
දැව දඬු ටොන් 3 600ක් ද පොළව හෑරීමට යොදා ගන්නා යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ද නැවේ ගබඩා කර ඇති බව වාර්ථා වී ඇත. නැවේ ඉන්ධන ගබඩාවේ තෙල් ටොන් 300න් පමණ තිබෙන බවද ප්‍රංශ බළධාරීන් ප්‍රකාශ කරයි.








