FAST NEWS

24×7 Around the Globe

යෝෂිත ඇතුළු පිරිසට චෝදනා හයක් යටතේ නඩු.

මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම ඇතුළු චෝදනා හයක් යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සී.එස්.එන්. රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අදාළ සැකකරුවන් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම, කූට ලේඛන සකස් කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනත උල්ලංඝනය කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම යන වරදවල් සිදුකර තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.