FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ට විනය පියවර ගැනීමට සංඝ සභාව රැස්වෙති.

හෝමාගම අධිකරණයේදී නීතිඥවරුන්ට බැන වැඳීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ශී‍්‍ර ලංකා නීතිඥවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

සියම් නිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ඔවුන් මෙම ඉල්ලීමකර ඇති අතර ඊට හේතුව ලෙස ඔවුන් සඳහන්කර ඇත්තේ ඇත්තේ ඥානසාර හිමියන් රජයේ නීතිඥවරුන්ට අපහාස කර ඇති බවය.

එයට පිළිතුරු දෙමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ප්‍රකාශකර සිටියේ සිදුවීම සම්බන්ධව සොයාබලා ගතහැකි විනය පියවර ගන්නා බවත් ඒ සඳහා සංඝ සභාව කැඳවන බවත් ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැ දැක මෙම තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ.