හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (01) දිනයේ මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමට කැඳවීමට නියමිත ය.
පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයෙකුව සිටි පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබා දෙන ලෙසට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සිදු කළ නියෝගයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමීත බව කොමීසම පවසයි.
කහතුඩුව ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් ලෙස දක්වා තිබුණ ද එහි සැබෑ වටිනාකම රුපියල් ලක්ෂ 55 ක් වන බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයිද කොමීසම වැඩිදුරටත් පැවසීය.








