FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබන මස සිට ඉහළට.

දැනට රාජ්‍ය සේවකයින්ට දීමනා ලෙස ලබා දෙන මුදලෙන් 20% ක් ලබන මස සිට ඔවුන්ගේ මූලික වැටුපට එක් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජීනසිරි දඩල්ලගේ මහතා සඳහන් කළේ, ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ලබන මාසයේ සිට ඉහළ යාමට නියමිත බව ය.

ඊට අදාළ චක්‍රල්ඛය නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටින බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.