පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂී වීරවංශ මහත්මියගේ අත්අකුරු සාම්පලයක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහාතා අද (29) නියෝග කර තිබේ.
ව්‍යාජ ලේඛන පිළිබඳ රජයේ රස පරීක්ෂක වෙතට එම අත්අකුරු සාම්පල යොමු කර වාර්තාවක් ලබා දෙන ලෙස ඔහු නියෝග කර ඇත.
ව්‍යාජ ලිපි ලේඛන පදනම් කර ගනිමින් ගමන් බලපත්‍රයක් සකස් කළ බවට සිදුවන නඩු විභාලයේ දී මෙම නියෝගය ලබා දී ඇති අතර මාර්තු මස 18 වැනි දා නැවත එම නඩුව විභාගයට ගැනීමට නියමිතයි








