වත්මන් රජයේ ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වන ව්‍යාපෘති 160 කින් යුත් මහා නගර සංවර්ධන සැලැස්ම අද (29) එළිදැක්වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රෙය් දී මෙම සමාරම්භක උත්සවය පැවැත්වේ.
මෙම ව්‍යාපෘතිය 2030 වසර දක්වා කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර ඒ යටතේ කොළඹ අවට නගර 3ක් නිර්මාණය කරන බවත් මෝදර සිට කොම්පඤ්ඤ වීදිය දක්වා වරාය නගරය ද, මීගමුව 18 කණුවේ සිට මිනුවන්ගොඩ දක්වා ගුවන් නගරය ද, මාලඹේ සිට හෝමාගම නගරය දක්වා තාක්ෂණ නගරය ද ඊට අයත් වන බවත් වාර්තා වේ.








