FAST NEWS

24×7 Around the Globe

උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් උතුරට ස්වයං පාලනයක් ඉල්ලයි.

උතුරේ සහ දකුණේ ජනතාවට සම්මුති හා ගිවිසුම් මගින් කටයුතු කිරීමට නොහැකි නිසා උතුරට ස්‌වයංපාලනය දිය යුතු බව උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් මුලතිව් සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම අමතා ප්‍රකාශ කර ඇත.

මධ්‍යම රජය පළාත් සභාවේ හිමිකම් රැගෙන කටයුතු කිරීම අපේ ඇඳේ වෙනත් අයකු සිටීමට සමාන ක්‍රියාවක්‌ බවද හෙතෙම පවසා තිබේ.

ස්‌වයංපාලන හිමිකම රජය පිළිගතහොත් පළාත් සභාවට හිමි බොහෝ දේවල් ලබා දීමට රජයට සිදුවන බව පැවසූ විග්නේශ්වරන් මේ ගැන එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ට දන්වන බවද කියා සිටියේය.

උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් හා කැලෑ එළිකිරීම් ගැන පැමිණිලි රැසක්‌ ලැබී ඇති බවද ඔහු පැවසීය.