FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාතික රෝහලේ වර්ජනයක්.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර නිළධාරීන් අද(28) උදෑසන සිට වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

එහි සභාපති අජිත් පී. තිලකරත්න මහතා පවසා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අදාළ ඉල්ලීම් සඳහා පිළියම් යෙදීමට බලධාරීන් අපොහොසත් වුවෙහාත් තවදුරටත් දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව හෙතෙම අනතුරු අඟවා සිටී.