FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගනියි.

ආගමික, වාර්ගික හෝ ජාතිවාදය ඇතිකරන ආකාරයෙන් ලිතව හෝ වාචිකව ප්‍රකාශ සිදුකරන්නන්ට වසර දෙකක සිරදඬුවම් නියම කිරීම නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ දණ්‌ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ඊයේ (27 දා) ආණ්‌ඩුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්‌කර ගත්තේය.

දෙවැනිවර විවාදය සඳහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන මෙම පනත් කෙටුම්පත් දෙක ඉල්ලා අස්‌කර ගන්නා බව සභානායක ලක්‌ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

භාෂිත ලිත හෝ කියවීමට අදහස්‌ කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් හෝ අන්‍යාකාරයෙන් ජන කොටස්‌ අතර හෝ වෙනස්‌ පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස්‌ වාර්ගික හෝ ආගමික කණ්‌ඩායම් අතර දරුණු ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ අසන්තෝෂය හෝ සතුරුබව ඇති කරන හෝ තැත් කරන නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට අවුරුදු දෙකක්‌ දක්‌වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතුය යනුවෙන් අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබිණි.