FAST NEWS

24×7 Around the Globe

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිට​ ස්ථාන මාරුවක්.

සේයා සදෙව්මි දැරිය ඝාතන විමර්ශන කරද්දී පාසල් සිසුවකු හා එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන සිටියේයැයි චෝදනා එල්ල වී සිටි කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් ඩබ්ලිව් එස් උදයකුමාර වහා ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කරනු ලැබීය.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද මෙම මාරුවීම කර ඇත.

ස්ථානාධිපතිවරයා මාරු කරනු ලැබුවේ මූලික විමර්ශනයෙන් වැරදි කරු වී මාස දෙකකට පමණ පසු මාධ්‍යවෙලින් චෝදනා එල්ල වීමෙන් අනතුරුවය.