වකුගඩු ජාවාරමේ මහා මොළකරු ලෙස සැලකෙන සුරේෂ් ප‍්‍රජාපතිගෙන් ඉන්දීය පොලීසිය ප‍්‍රශ්න කර ඇති අතර එමගින් එම ජවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ඇත.
ශ්‍රී‍්‍ර ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයක් පිළිබදව ඔහු එහිදී තොරතුරු ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෙම ප්‍රශ්න කිරීම් මගින් වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන් සහ ඒවා ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙනුත් ඔහු තොරතුරු හෙළිකර තිබේ.
වකුගඩු ලබා ගන්නා පුද්ගලයන්ගෙන් අයකර ගන්නා මුදල රුපියල් ලක්ෂ 30 ඉක්මවන අතර ඉන් ලක්ෂ 5ක් තැරැව්කරුවන්ට ලබාදෙන බවත් සැකකරු සඳහන් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.








