FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට ජුනි මාසයේදී – ජනපති

ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට ජුනි මාසයේදී පවත්වන බවත්, ඒ සඳහා සූදානම් වන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26දා) පවසා තිබේ.

කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දමමින් අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමට ගියහොත් මේ මොහොතේ පක්ෂයට ලැබීමට නියමිත ජයග්‍රහණ ප්‍රමාදවීමට ඉඩ ඇති බවයි.

එබැවින් මේ පිළිබදව පාක්ෂකයන් දැනුම්වත් කර පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්නැයි ජනාධිපතිවරයා විධායක සභිකයන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.