FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමි නිසා හෝමාගම උසාවිය වැසේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට නියමිතව තිබූ නඩු රැසක් ලබන පෙබරවාරි නව වැනි දාට කල් තැබූ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පස්වරු 2.20ට පමණ උසාවි කටයුතු අදට අවසන් කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කිරීමෙන් පසු අධිකරණ භූමියට පැමිණි භික්ෂූන් වහන්සේලා විසින් ඇති කැරුණු කලබලයෙන් පසුව විශේෂ පොලිස් කණ්ඩායම් අධිකරණ භූමියට කැඳවා ඇත.