FAST NEWS

24×7 Around the Globe

තවුෆීක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රයි.

මොහොමඩ් ෂරීෆ් තවුෆීක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය ජනවාරි 19 වැනිදා අබ්දුල් රාවුෆ් හෆීස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා තවුෆික් මහතා මැතිවරණ කොමිසම විසින් පත් කරනු ලැබීය.

හෆිස් මහතා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ගේ සොහොයුරාය.