නීත්‍යානුකූල නොවන පිරමීඩ මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි මහා පරිමාණ මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳව පැමිණිලි රැසක් ලැබී ඇති බව ය.
එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන පිරිස් මෙරට මූල්‍ය ප්‍රතිපත්තිවලට පටහැනිව මහජනතාව මුලා කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ, මෙවැනි ක්‍රියාවලට එරෙහිව වහාම නීතිය බලාත්මක කරන ලෙස ය.
මේ අතර මෙවැනි සිද්ධීන් පිළිබඳව ලැබෙන පැමිණිලි විමර්ශනය කර මූල්‍ය වංචා චෝදනා යටතේ නඩු පැවරීමට ක්‍රියා කරන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති බව ය.
පොලිස් නිලධාරීන් පිරිසක් ද ඊට අනියුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.








