FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප විධායක සභාව අද පෙරවරුවේ රැස් වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (26) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී රැස්වීමට නියමිතය.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර එම සාකච්ඡාවට පෙර ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සමගද සකච්ඡාවක් පවත්වන බව ශ්‍රීලනිප ආරංචි කියයි.

එම සාකච්ඡා අවසානයේ ගනු ලබන තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයද අද (26) රැස්වීමට නියමිතය.