යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඒකමතිකභාවයක් ඇතිකර ගැනීමට මෙතෙක් නොහැකි වීම නිසා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාව දින නියමයක් නොමැතිව කල්යනු ඇතැයි ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ආණ්‌ඩුව මුලින් අදහස්‌කොට තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රධාන අරමුණු කොටගත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමටයි.
එම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක් ලෙස කටයුතු කළ යුතු යෑයි කියන යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි 9 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම යෝජනාව අද (26 දා) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කලින් තීරණය කොට තිබූ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව එය පෙබරවාරි මාසයට කල් දමා ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග කියයි.







