FAST NEWS

24×7 Around the Globe

කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්තව අත්ඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග.

කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝග කර තිබේ.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පැවති කුණුකන්දකට එරෙහිව විරෝධතා පැවැත්වූ පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ බවට නගරාධිපතිවරයාට එරෙහිව පැමිණිලි ලැබී ඇත.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර නගරාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා විසින් නියෝග කර තිබේ.