FAST NEWS

24×7 Around the Globe

අඹිලිපිටිය – පැය 24කින් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය වග කිව යුතු බවට ඇසින් දුටු සාක්කි ඉදිරිපත් වී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට එන්තරවාසි යවා තබේ.

පැය 24ක් ඇතුළත පොලිසියේ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද එන්තරවාසියේ දැක්වේ.