FAST NEWS

24×7 Around the Globe

අගමැති ස්විට්සර්ලන්ත ජනාධිපති හමු වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්ත ජනාධිපති ස්නයිඩර් අමන් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ.

ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී එම ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දේශපාලන සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරිමට මෙන්ම ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිදියාව තහවුරු කිරිමේ රජයේ වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහය ලබා දෙන බව එහිදී ජනාධිපති ස්නයිඩර් අමන් ප්‍රකාශකර තිබේ

සම්මුතිවාදි ආණ්ඩුවක් තුළින් රට යහපත් තත්ත්වයකට පත් කිරිම සඳහා කටයුතු කිරිම සතුටට කරුණක් බව ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා පවසා ඇත.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ආරක්ෂා කරමින් මානව හිමිකම් සහ ජනතා පරමාධිපත්‍ය ඉහළට ඔසවා තැබිම සඳහා සම්මුතිවාදි ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙනයාම තම අපේක්ෂාව බව ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.