FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල අඩු වීමේ සහනය ජනතාවට දිය යුතුයි-රන්ජන්

ලෝක ඉතිහාසයේ කිසිම දවසක අඩු නොවූ ලෙස තෙල් මිල පහළ වැටිලා. එහි වාසිය අනිවාර්යයෙන්ම අපේ ජනතාවට ලබාදිය යුතුයියැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සති අන්ත පුවත් පතකට පවසා ඇත.

ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 27 දක්‌වා අඩු වී තිබියදී එහි සහනය ජනතාවට ලබා නොදෙන්නේ මන්දැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

තෙල් මිල පහත හෙළීමෙන් ජනතාවට විශාල සහනයක්‌ ලැබෙනවා නම් රජය හැකි උපරිමයෙන් කටයුතු කරලා තෙල් මිල පහත හෙළීමට කටයුතු කළ යුතුයි. ඒ සහනය ජනතාවට ලබාදෙන කල් මම රජයට දිගින් දිගටම බලපෑම් කරනවා.

පසුගිය රජය කළ වැඩ යහපාලන රජය ඒ විදිහටම කරනවා නම් ඒකෙන් වැඩක්‌ නැහැ. වත්මන් ජනාධිපතිත්, අගමැතිත් ජනතාවට ආදරෙයි. මම විශ්වාස කරනවා විදේශගත වෙලා ඉන්න අගමැතිතුමා ලංකාවට ආ ගමන් තෙල් මිල පහත වැටීමේ සහනය ජනතාවට ලබාදෙයි කියලා. මම හැමදාම ඉන්නේ ජනතාවගේ පැත්තේ මේ සහනය ලැබෙන තුරු සටන් කරනවා.