FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක්.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා ජනතාවගේ ඉහළ දායකත්වයක් හිමිවිය යුතු බවද ඇය පෙන්වාදී තිබේ.