FAST NEWS

24×7 Around the Globe

රට පුරා ග‍්‍රාම රාජ්‍ය 2500ක් පිහිටුවනවා-වජිර

මෙම 2016 වසර නිමවන්නට පෙර රට පුරා ග‍්‍රාම රාජ්‍ය 2500ක් පිහිටුවන්නේ යයි ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙසේ පිහිටුවන්නේ ගමේ ස්වේච්ඡ සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් ග‍්‍රාම සේවා වසම් හතක් හෝ අටක් ඒකාබද්ධ කොට එක ග‍්‍රාම රාජ්‍යයක් බැගින් බවත් එහි ලේකම්වරයා ලෙස නිල බලයෙන් ග‍්‍රාම නිලධාරියා පත්වන බවත්, කොට්ඨාසයට අනුබද්ධිත උපාධිධාරී රජයේ නිලධාරියා භාණ්ඩාගාරික ලෙස නිල බලයෙන් පත්වන බවත් පත්වන ඇමතිවරයා කියයි.

සභාපතිවරයා ඇතුළු අනෙකුත් නිලතල ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා බවත් ඉන් අනතුරැුව දැනට පවතින ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ග‍්‍රාම රාජ්‍ය මහ ලේකම් කාර්යාලය බවට පත්වෙන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.