FAST NEWS

24×7 Around the Globe

පාඨලීගෙන් ආණ්ඩුවට දොස් මුරයක්.

වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමේ කාරණාවේදී වත්මන් රජයේ පැහැදිලි ප්‍රමාදයක්‌ ඇති බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22 වැනිදා) චෝදනා කර සිටියේය.

මේ හේතුවෙන් දූෂකයන්ට නව රජය දඬුවම් දේවි යෑයි ජනතාව තුළ වූ මහත් බලාපොරොත්තු බිඳ වැටී ඇති බවද හෙතෙම පැවසීය.

දේශපාලන මැදිහත්වීම්, නීතියේ පවතින අඩුපාඩු, වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පවතින නීතිමය රාමුව ශක්‌තිමත් නොවීම සහ ඒ සඳහා විධික්‍රම නොමැති වීම මීට හේතුව වී ඇති බව සඳහන් කළ ඇමැතිවරයා එය එසේ යෑයි කියා ආණ්‌ඩුවට ඉන් ගැලවී සිටීමට නොහැකි බවද කීවේය.