මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විගමනික පුහුණුව ලබා දෙන කාලය දින 40 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.
මැදපෙරදිග ගෘහ සේවය සඳහා පළමු වරට පිටත්ව යන කාන්තාවන්ට දින 21ක පුහුණුවක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.








