FAST NEWS

24×7 Around the Globe

නව ගාස්තු සංශෝධනය දැනට ජංගම දුරකථන භාවිත කරන්නන්ට නෑ.

නව ගාස්තු සංශෝධනය දැනට ජංගම දුරකථන සම්බන්ධතා භාවිත කරන පාරිභෝගිකයන්ට බලනොපාන බව විදුලි සංදේශ නියාමන කොමිසම සදහන් කර සිටියි.

පෙබරවාරි පලමුවැනිදා සිට සේවා ලබාගන්නා නව පාරිභෝගිකයන් සදහා මෙම සංශෝධනය බල පැවැත්වේ.

එකම ජාලයක් තුළ දුරකථන ඇමතුම් ලබා ගැනීම සදහා විනාඩියකට අය කළ අවම ගාස්තුව ගාස්තුව රුපියලකි.

වෙනත් ජාලයකට දුරකථන ඇමතුම් ගැනීමේදී රුපියල් දෙකක මුදලක් අය කෙරේ.

එය පෙබරවාරි පලමුවනදා සිට සංශෝධනය වන බවයි හෙතෙම සදහන් කළේය.

ඒ අනුව එකම ජාලයේ සහ ජාල දෙකක් අතර දුරකථන ඇමතුම් ගැනීමේදී විනාඩියකට අය කරන අවම ගාස්තුව රුපියල් එකයි ශත පනහක් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ වැඩබලන තරංග අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හදපාන්ගොඩ ප‍්‍රකාශ කළේය.