කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරිමට තීරණය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙසත් දඹුල්ල, ගලේවෙල, හබරණ, පොළොන්නරුව ආදී ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත කඩිනමින් ප්‍රවාහනය කිරිම පහසු කරවීම සඳහාත් කොළඹ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව දුම්රිය මර්ගයේ දුම්රිය ධාවනයේදී සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීමත් සඳහාත් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතය.







