FAST NEWS

24×7 Around the Globe

අලූතෙන් බිහිකරන නව පක්ෂයට මහින්දත් එනවා -ගෝඨාභය

අලූතෙන් බිහිකරන විපක්ෂයේ නව පක්ෂයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

රක්නා ලංකා සමාගමේ විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සදහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (22) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පක්ෂ කැඞීම සහ අලූත් පක්ෂ බිහිකිරීම නව සම්ප්‍රදායක් නොවන බවය.

එමෙන්ම තමන්ගේ නායකත්වයෙන් පක්ෂයක් බිහි නොවන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය ලබාදුන් 58 ලක්ෂයේ මතය නියෝජනය කිරීම සදහා නව පක්ෂයක අවශ්‍යතාවය මතුව ඇති බවයි ඔහු සදහන් කළේය.