FAST NEWS

24×7 Around the Globe

මීයගිය පොල් නිසා පාස්ට් ඇන්ඩ් ෆියුරියස් 08 චිත්‍රපටයේ නම වෙනස් වෙයි.

පාස්ට් ඇන්ඩ් ෆියුරියස් කියන්නේ කවුරුත් කැමති චිත්‍රපට මාලාවක් මේ චිත්‍රපට මාලාවේ  ගැන අලුත්ම තොරතුර තමයි මෙහි ඊළග චිත්‍රපට කොටස ඉදිරියේදී රිදී තිරයට පැමිණීම වගේම එහි නම වෙනස්වීම.

පාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ අන්තිමටම ආපු කොටස නම් කරලා තිබ්බේ පාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 කියලයි. ඉදිරියේදී රිදී තිරයට එන්න නියමිත චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Fast 8 කියලයි.

ඔයාලට මතක ඇතිනේ පාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ සුප්‍රසිද්ධම චරිතය වුනු පෝල් වෝල්කර්ගේ අභාවයත් එක්කම මේ චිත්‍රපටය සැබැවින්ම වෙනස් වෙනවා. ඒකට හේතුව පෝල් දරුණු රිය අනතුරකින් මියයාමයි.

පාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 චිත්‍රපටයේ අවසන් ජවනිකා වලට පෝල් නැතිවීමත් සමග පෝල්ගේ මල්ලි තමයි ඒ කොටසේ පෝල්ගේ චරිතයට පන පෙව්වේ.

ඒ අනුව බැලුවම Fast 8 චිත්‍රපටයේ වින් ඩීසල් පමණයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ.

වින් ඩීසල් Fast 8 චිත්‍රපටයේ පෝස්ටරයක් ඔහුගේ Instagram ගිණුම හරහා මුදාහැරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් මස ලොව පුරා තිරගතවීමට නියමිතයි.