සංඝයා වහන්සේට අදාළ තීන්දු තීරණ ගැනීමට සංඝාධිකරණයක් නිර්මාණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසූහ.
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
ස්වාධීන භික්ෂු එකමුතුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමි,
“මේ පනතට සියලුම ස්වාමින් වහන්සේලා වැඩිපිරිසක් කැමතිනම් මේක සම්මත කිරීම ප්‍රජාතන්තවාදීයි. මොකද ඒක හැබැයි ඒක ප්‍රජාතන්තවාදී වුනාට ඒක යථාර්තය නොවෙයි. බහුතරයේ කැමැත්තම සත්‍ය නොවෙයි. හැමවිටම අද සාසනයේ සංඝයාවහන්සේලාට භික්ෂු නායකත්වයක් නැහැ. අද ඒක ඉතාම පැහැදිලව කියන්න ඕන ඉතාම අනුවේදනීය තත්ත්වයක් තියෙන්නේ. සංඝාධිකරණය කියන එක ස්වාමීන් වහන්සේලා නඩු ඇහුවේ එතකොට සංඝාධිකරණය රාජ්‍ය නීතියට වඩා ආදර්ශයෙන් බලවත් සංඝාධිකරණ්‍යක් අපට තිබුණා. එහෙනම් සංඝයාගේ තීරණ ගැනීමට සංඝාධිකරණයක් අද හැදෙන්නට ඕන. ඒ සංඝාධිකරණය හදන්නට ඕන දේශපාලකයෝවත් පාර්ලිමේන්තුවත් නෙවෙයි. ඒ සංඝාධිකරණය හදන්නේ මහාසංඝයාවහන්සේ සංඝාධිකරණයෙන් දීපු තීන්දුවක් එක නීකායකින් දීපු තීන්දුවක් වැරදිනම් පොදු සංඝාධිකරණයට ගිහිල්ලා භික්ෂුවකට අයිතියක් තියෙනවා. ඒක සමස්තයක් හැටියට සාධාරණ ද කියලා විනිශ්චය කරන්න.







