FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොළඹ බස් රථ වර්ජනයක්.

මිනුවන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ අද (21) පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කුරුණෑගල සිට කොළඹ දක්වා පැමිණෙන බස් රථයක රියැදුරෙකුට පහර දුන් මිනුවන්ගොඩ බස් රථයක කොන්දොස්තරවරයෙක්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.