පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පතට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම ගොනු කළේ, ශ්‍රී ලංකා ගෝලිය සංසදයේ සම්බන්ධිකාරක නීතිඥ රුවන් බෙල්ලනතුඩාව මහතා ය.
පෙත්සමේ සඳහන් වන්නේ පනත් කෙටුම්පතේ 2 – 6 දක්වා වන වගන්ති තරුණ අපේක්ෂයන්ගේ අයිතින් උල්ලංඝණය කරන බව ය.
ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති අයිතිය අහිමිවන බව ද මෙම පෙත්සමේ සඳහන්.
තවද එම පනත් කෙටුම්පතේ වගන්ති 6 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 6 ට පටහැනි බවද එහි දැක්වෙයි.
පෙත්සම්කරු වැඩිදුරටත් පවසන්නේ එම පණත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සම්මත කර ගත යුතු බව ය.







