කොළඹ සහ ප්‍රධාන නගරවලින් ත්‍රිරෝද රථ ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත අද පෙත්සමක් භාර දීමට කටයුතු කළහ.
ඒ සම්බන්ධව සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී මේ වනවිට පැවැත්වේ.
පසුගියදා බස්නාහිර පළාත් සභාව විසින් කොළඹ සහ ප්‍රධාන නගරවලින් ත්‍රිරෝද රථ ඉවත්කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගනු ලැබීය.
ඊට විරෝධය පළ කරමින් මෙලෙස සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය මෙම පෙත්සම ඉදිරිපත් කළේය.








