FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සූත්‍රය පස්සට යයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි නොවීම නිසා ඉන්ධන මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙන අතර, එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය.

මේ නිසා අද එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් තිබේ.