FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන විශ්වවිද්‍යාල ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් 20ක් මීය යයි.

වයඹ දිග පාකිස්තානයේ බචාකාන් විශ්වවිද්‍යාලයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට ආචාර්යවරයෙකු ඇතුලූ විසිදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව නවතම විදෙස් වාර්තා ප්‍රකාශ සඳහන් කරයි.

ත්‍රස්තවාදීන් දසදෙනෙකු පමණ තවමත් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ රැඳී සිටින බවත් එම වාරතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන් සොයා පාකිස්ථාන ආරක්ෂක අංශ මේ වනවිටත් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.