FAST NEWS

24×7 Around the Globe

සිල් රෙදි බෙදාහැරීමේ පිළබඳ පෙත්සම විභාගයට දින නියම වේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදල් වලින් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීමේ සිද්ධිය පිළිබඳ ඉදිරිපත්ව ඇති පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
පැෆ්රල් සංවිධානය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම ඊයේ (19) දිනයේ අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නියෝගය ලබාදී ඇත.

මෙහිදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ අදාළ සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට සිදුවු පාඩුව අයකර ගැනීම සඳහා ඊට අදාළ විගණන වාර්තා අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය බවයි.

එහිදී රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා තිබුණේ අදාළ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ එළඹෙන මාර්තු මාසයේ දී බවයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බව ද රජයේ නීතීඥවරයා පවසා ඇත.

ඒ අනුව අදාළ පෙත්සම යළි මැයි මස 05 වන දිනට කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට අදාළ විගණන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද රජයේ නීතීඥවරයාට උපදෙස් ලබා දුන්නේය.